අප හා එක්වන්න:

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය

ALL CEYLON BUDDHIST STUDENTS' FEDERATION

1956 සිට බොදු සිසු පරපුරේ අභිමානය

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය

ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුමට සමගාමීව 1956 ජූලි 19 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේදී ආරම්භ වී, දිවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාල බෞද්ධ ශිෂ්‍ය ප්‍රජාව ඒකරාශී කරන ප්‍රමුඛතම ජාතික බෞද්ධ ශිෂ්‍ය සංවිධානය.

1956 ආරම්භක වර්ෂය
25 දිස්ත්‍රික් ශාඛා
1975 අංක 44 පනත

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී”

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානය, කොළඹ 07

සම්මේලනය පිළිබඳ විස්තර

❁

ආරම්භය (1956 ජූලි 19)

ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුමට සමගාමීව රජය විසින් පත් කළ ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධ ජයන්ති කමිටුවේ නිර්දේශ මත පිහිටුවන ලද නියාමක ශිෂ්‍ය කමිටුව ඔස්සේ 1956 ජූලි 19 දින කොළඹ රාජකීය විද්‍යාලයේදී ප්‍රථම සභා වාරය පවත්වමින් නිල වශයෙන් ආරම්භ විය.

පාසල් බෞද්ධ සංගම් අනුයුක්ත කිරීම

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 1957 ජනවාරි 02 දිනැති A/R/C/F 96 දරණ චක්‍රලේඛනය අනුව දිවයිනේ සියලු පාසල් තුළ බෞද්ධ සංගම් පිහිටුවා ඒවා සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයට අනුයුක්ත කරන ලදී.

නීතිමය පිළිගැනීම සහ පුණ්‍යායතන තත්ත්වය

ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 44 දරණ සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත මගින් සංස්ථාගත කර ඇති අතර, 1977.07.01 දින අංක 272 දරණ රජයේ ගැසට් නිවේදනය මගින් ආදායම් බද්දෙන් නිදහස් පුණ්‍යායතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

දැක්ම සහ මෙහෙවර

❁
01

බෞද්ධ ශිෂ්‍යයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා සහයෝගය වඩාලීම.

02

බුද්ධ ධර්මය හැදෑරීමට, බෞද්ධ ධර්මානුකූල ප්‍රතිපත්ති පිරීමට හා බෞද්ධ ධර්ම ප්‍රචාරයට බෞද්ධ ශිෂ්‍යයන්ට ඇති පහසුකම් වැඩි දියුණු කිරීම.

03

ආගමික හා සමාජ සේවා ක්ෂේත්‍රයන්හි රටට වැඩදායක සේවයක් සැලසීමට බෞද්ධ ශිෂ්‍යයන් පුහුණු කිරීම.

04

බෞද්ධ ශිෂ්‍යයන්ගේ සදාචාර, සංස්කෘතික හා සමාජ සුභසිද්ධිය නගාලීම.

05

ජාත්‍යන්තර බෞද්ධ ශිෂ්‍ය සංවිධානයක් පිහිටුවා එමඟින් ජාතීන් අතර වඩා යහපත් අවබෝධයක් ඇති කිරීම.

06

බෞද්ධ ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලබාගැනීම සඳහා සාමූහිකව කටයුතු කිරීම.

07

බුද්ධාගමේ උන්නතිය සහ අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම.

පුවත් සහ ව්‍යාපෘති (News & Updates)

‘සුව මිතුරු’ පාඨමාලාව 2024
‘ගද්‍ය ප්‍රතිභා’ රචනා තරගාවලිය 2024
බොදු සිසු ප්‍රසාද ව්‍යාපෘතිය 2024
එතෙල් ප්‍රනාන්දු විවාද තරගාවලිය 2024
සිත් රූ අරණ චිත්‍ර තරගාවලිය 2024
ධම්ම ජයන්ති පුවත්පත 2024
බොදු සිසු ප්‍රණාම 2024
රෝහල් සේවා 2024

YouTube වීඩියෝ

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය - නිල නාලිකාව

සම්මේලනයේ වාර්ෂික වැඩසටහන්, ධර්ම දේශනා සහ සමාජ සත්කාරක ව්‍යාපෘති නරඹන්න.

YouTube නාලිකාවට පිවිසෙන්න

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ඉතිහාසය

History of All Ceylon Buddhist Students' Federation

ඓතිහාසික මූලාරම්භය (1956 ජූලි 19)

ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්ති සැමරුමට සමගාමීව ආචාර්ය ආනන්ද ගුරුගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධ ජයන්ති කමිටුවේ නිර්දේශ මත, 1956 ජූලි 19 දින කොළඹ රාජකීය විද්‍යාලයීය ශාලාවේදී අතිපූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර මහනාහිමිපාණන් වහන්සේගේ මුලසුනින් ප්‍රථම මහා සභාව පවත්වන ලදී.

සහභාගි වූ ආරම්භක බොදු සමිති (12):

නීති විද්‍යාලය, වෛද්‍ය විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පුහුණු අභ්‍යාස විද්‍යාලය, රාජකීය විද්‍යාලය, විශාඛා විද්‍යාලය, දේවී බාලිකා විද්‍යාලය, අනුලා බාලිකා විද්‍යාලය ඇතුළු සමිති 12කි.

විශේෂ ආරාධිතයින්:

පූජ්‍ය හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, පූජ්‍ය නාරද ස්වාමින් වහන්සේ, එවකට සංස්කෘතික අමාත්‍ය ජයවීර කුරුප්පු මහතා සහ සංස්කෘතික අධ්‍යක්ෂ එන්. ඩී. ඩයස් මහතා.

1957

ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතාගේ සහභාගිත්වය සහ පාසල් චක්‍රලේඛය

ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහතා බොදු සිසු සමුළුව කොළඹ විශ්වවිද්‍යාල පිටියේ සංවිධානය කළ එකල පැවති විශාලතම ශිෂ්‍ය රැලියට සම්බන්ධ විය. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ A/R/C/F 96 චක්‍රලේඛනය මගින් සියලු පාසල් බෞද්ධ සංගම් සම්මේලනයට අනුයුක්ත කෙරිණි.

1960

ප්‍රථම දිස්ත්‍රික් ශාඛාව ආරම්භ කිරීම

සම්මේලනයේ ප්‍රථම දිස්ත්‍රික් ශාඛාව ගාල්ල විජයානන්ද පිරිවෙනෙහිදී ආරම්භ විය.

1975 - 1977

පාර්ලිමේන්තු පනතකින් සංස්ථාගත වීම

1975 අංක 44 දරණ පනත මගින් සංස්ථාගත වූ අතර, 1977 ගැසට් නිවේදනය මගින් ආදායම් බද්දෙන් නිදහස් පුණ්‍යායතනයක් බවට පත් විය.

1981

රජත ජයන්තිය (25 වන සංවත්සරය) සහ සමරු මුද්දරය

තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කළ අතර, ජූලි 19 රජත ජයන්ති උත්සවයට ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සහභාගි විය.

1983 - 1988

රෝහල් හා ප්‍රජා සුව සේවා ඒකක ආරම්භය

1983 දී ප්‍රාදේශීය ශාඛා ලෙස රෝහල් සේවා ඒකක නිල වශයෙන් ඇරඹුණු අතර 1988.07.22 සෞඛ්‍ය අමාත්‍යාංශ M/Q 50/82 චක්‍රලේඛනය මගින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, කොළඹ ජාතික රෝහල, මුල්ලේරියාව, කළුබෝවිල සහ මහරගම අපේක්ෂා රෝහල යන රෝහල්වල සේවා ක්‍රියාත්මක කෙරිණි.

1990 - 1996

උත්තරීතර මණ්ඩල නියෝජනය සහ 40 වන සංවත්සරය

1990 දී බුද්ධ ශාසන අමාත්‍ය උත්තරීතර මණ්ඩලයේ ගිහි ශිෂ්‍ය අනුශාසක තනතුරට ප්‍රධාන සභාපතිතුමා නිල බලයෙන් පත් විය. 1993 දී රාජ්‍ය නොවන සංවිධාන පනත යටතේ (අංක 0114) ලියාපදිංචි විය. 1996 ජූලි 19 දින ශිෂ්‍ය නායක නායිකාවන් 10,000කගේ සහභාගිත්වයෙන් 40 වන සංවත්සර පා ගමන හා රැලිය පැවැත්විණි.

2002 - 2006

ශාසනාරක්ෂක මණ්ඩල නියෝජනය සහ ස්වර්ණ ජයන්තිය (BMICH)

2002 දී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයට නිල බලයෙන් පත් විය. 2006 ජූලි 19 දින 50 වන ස්වර්ණ ජයන්තිය අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමීන් වහන්සේගේ මුලසුනින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි.

මූලස්ථාන විකාශනය සහ අපේ සිහිනය “බොදු සිසු මැදුර”

  • ප්‍රථම කාර්යාලය: සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂතුමාගේ කාර්යාල කොටසක.
  • දෙවන අදියර: කොළඹ 07 ගිල්ෆඩ් ක්‍රෙසන්ට් හි ස්නානි නිවසේ.
  • තෙවන හා සිව්වන අදියර: සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවට පසෙකින් වූ කුටියක.
  • වර්තමානය (2001 මැද භාගයේ සිට): සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උඩු මහලේ කාර්යාලය.
  • අපේ සිහිනය: සමස්ත බොදු සිසු පරපුර වෙනුවෙන් පහසුකම් සපිරි “බොදු සිසු මැදුරක්” ඉදිකිරීම.

කෘත්‍යාධිකාරී මණ්ඩලය, භාරකාර මණ්ඩලය සහ හිටපු සාමාජිකයින්

Executive Committee, Board of Trustees, Advisory Committee & A–Z Past Members

ව්‍යුහය: ප්‍රධාන සභාපති, ප්‍රධාන ලේකම්, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික, කණිෂ්ඨ භාණ්ඩාගාරික, උප සභාපතිවරුන්, උප ලේකම්වරුන්, අංශ සංවිධායකවරුන් සහ අංශ ව්‍යාපෘති නිලධාරීන්.

භාරකාර මණ්ඩලය (Board of Trustees) & උපදේශක කමිටුව (Advisory Committee)

සම්මේලන ප්‍රකාශන (Publications)

විදු අරුණ (Vidu Aruna) • ධම්ම ජයන්ති (Dhamma Jayanthi) • සමරු කලාප (Souvenirs)

දිස්ත්‍රික් ශාඛා සහ රෝහල් සේවා ඒකක

25 Districts Islandwide Branches & Hospital Service Units (Colombo Zones 1–15)

දිස්ත්‍රික්කයක් තෝරන්න (25 Districts)

විස්තර බැලීමට පහත දිස්ත්‍රික්කය හෝ කොළඹ කලාප අංකය (1–15) තෝරන්න.

කොළඹ දිස්ත්‍රික් කලාප (Colombo Zones 1 – 15)

වැඩසටහන් සහ ශිෂ්‍යත්ව අරමුදල

Events, Programs & Bodu Sisu Scholarship Foundation

ප්‍රධාන වාර්ෂික වැඩසටහන් (Events & Programs)

වාර්ෂික

බොදු සිසු දිනය (ජූලි 19)

1956 සම්මේලන ආරම්භය සිහිපත් කරමින් දිවයින පුරා පාසල් බෞද්ධ සංගම් ඒකරාශී කර පවත්වන ජාතික ශිෂ්‍ය සමුළුව.

තරගාවලි

එතෙල් ප්‍රනාන්දු විවාද, ‘ගද්‍ය ප්‍රතිභා’ රචනා හා ‘සිත් රූ අරණ’ චිත්‍ර තරගාවලි

පාසල් දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය, ධර්ම ඥානය හා කථිකත්වය ඔප්නැංවීමේ ජාතික තරගාවලි මාලාව.

සමාජ සේවා

‘සුව මිතුරු’ පාඨමාලාව සහ රෝහල් සේවා

රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් රැසක රෝගීන් වෙනුවෙන් සිදු කරන ප්‍රජා සුව සේවා වැඩසටහන්.

සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනය

බොදු සිසු ශිෂ්‍යත්ව අරමුදල

BODU SISU SCHOLARSHIP

❁

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන දක්ෂ බෞද්ධ පාසල් හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් පිරිනැමෙන වාර්ෂික ශිෂ්‍යත්ව වැඩසටහන.

අප අමතන්න සහ අනුග්‍රාහකයින්

Contact Us & Our Valued Sponsors

අනුග්‍රාහක ආයතන (SPONSORS)

ලිපිනය (Address)

All Ceylon Buddhist Congress,
No. 380, Bauddhaloka Mawatha,
Colombo – 07, Sri Lanka.

විද්‍යුත් තැපෑල (Mailing Address)

buddhistinfo380@gmail.com
info@acbc.lk
acbc380@gmail.com

ක්ෂණික ඇමතුම් (Hotline)

+94 112 691 695

පණිවිඩයක් යොමු කරන්න